Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2019 13:50:18 Hours

8 වන ඉංජිනේරු සේවා බලකායේ කොනොනි සමාජ ශාලාව විවෘත කරයි

හෝකන්දර ප්‍රදේශයේ පිහිටි 8 වන ඉංජිනේරු සේවා බලකායේ අභිනවයෙන් ඉදිකරනු ලැබු කොනොනි සමාජ ශාලාව සහ සෙසුනිල භෝජනාගාරය ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්. ගනේගොඩ ගේ සුරතින් ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින විවෘත කරනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි කර්නල් සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබූ අතර ඉන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම සඳහා ද එතුමන් එක්විය.

එමෙන්ම, බ්‍රිගේඩියර් ගනේගොඩ නව කොනොනි සමාජ ශාලාවේ සහ සෙසුනිල භෝජනාගාරයේ සමරුඵලක නිරාවරණය කර විවෘත කිරීමෙන් අනතුරුව එම ස්ථානයේදී භටපිරිස් ඇමතීය. Sports Shoes | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger