Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2019 13:48:18 Hours

මානුෂීය නීති විවාද තරඟාවලිය විනිශ්චය කිරීමට යුද්ධ හමුදා නිලධාරියෙකුට ආරාධනා කරයි

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද විශේෂ ආරාධනයකට අනුව 9 වන වරටත් පවත්වනු ලබන ජාත්‍යන්තර මානුෂිය නීති විවාද තරඟාවලිය -2019 විනිශ්චය කිරීම සඳහා 14 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධිකරණ) ලුතිනන් කර්නල් නලින් හේරත් සහභාගි විය.

ජාත්‍යන්තර අධිකරණය හමුවට යාමට ප්‍රථම චෝදනා ලැබ සිටින යුද අපරාධකරුවෙකුට එරෙහිව නඩු පැවරීමට හෝ ආරක්‍ෂා කිරීම පිළිබඳ සිසුන් තර්ක කරන මෙම හෙන්රි ඩුනන්ට් අනුස්මරණ විවාද තරඟාවලිය - 2019 ජාත්‍යන්තර රතු කරුස සංවිධානය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය සමඟ එක්ව සංවිධානය කරන ලදී.

මෙවර තරඟාවලිය සඳහා කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, තොරතුරු තාක්‍ෂණ ආසියා පැසිෆික් ආයතනය සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය ඇතුළු පෞද්ගලික හා රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක නීති සිසු සිසුවියන් සහභාගි වූහ.

තරඟාවලියේ අවසන් පූර්ව වටය ඔක්තෝබර් මස 22 වන දින උපාධි අධ්‍යයන පීඨයේ දී පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වූ මෙම තරඟාවලිය විනිශ්චය කිරීම සඳහා යුද්ධ හමුදා නිලධාරියෙකුට ආරාධනා කළ පළමු අවස්ථාව ද මෙය විය. best shoes | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals