Header

Sri Lanka Army

Defender of the Nation

24th October 2019 22:18:12 Hours

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී යුද්ධ හමුදාධිපති හමුවෙයි

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයින් දෙදෙනෙක් ඉකුත් බදාදා (23) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහද සාකච්ඡාවක නිරත වූහ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී මෙසර්ස් ලූකස් පෙට්‍රිඩිස් (Messrs Loukas Petridis) සහ අන්තර්ජාතික රතුකුරුස කමිටුවේ ත්‍රිවිධ හමුදාවේ කලාපීය නියෝජිත ජැක් ලෙමේ (Jacques Lemay) යන මහත්වරුන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර පැවති හමුවේ දී ශ්‍රි ලංකාවේ සහ කලාපයේ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුව අවසානයේ ලුතිනන් ජෙනරාල් සිල්වා ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ (ICRC) නියෝජිතයින් දෙදෙනාගේ පැමිණිම අගය කරමින් ඔවුන් දෙදෙනාට සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබීය. Sportswear free shipping | GOLF NIKE SHOES