25th October 2019 13:35:18 Hours
අනුරාධපුර මුලික රෝහලේ උපදේශක, රුධිර පාරවිලයන හා කායික වෛද්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස උතුරු මැද පළාතේ රෝගීන් සඳහා රුධිරය ලබාදීම සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (23) දින වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී පවත්වනු ලැබීය.
එමෙන්ම අදාළ රෝහල් තුළ දැනට මතුව පවතින රුධිර හිඟය හේතුවෙන් රෝගින්ගේ ජීවිත අවධානමකට ලක්ව ඇති බැවින් ලේ පරිත්‍යාග කීරිමේ ව්‍යාපෘතියක් සංවිධානය කිරිම සඳහා අවශ්‍යතාවයන් සපුරා දෙන ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් යුද්ධ හමුදා සාමාජිකයින් වෙත උපදෙස් ලබා දුන්හ.
අනතුරුව රුධිර පරිත්‍යාග වැඩසටහන පැය 12 ක කාළසීමාවක් ඇතුළත ක්‍රියාත්මක කරනු ලැබු අතර එම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති සියලු බලසේනා හා ඒකකයන්හි යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට වැඩි පිරිසක් ස්වේව්ඡාවෙන් තම රුධිරය පරිත්‍යාග කර තිබිණි.
මෙම සමාජ සත්කාර ක්‍රියාත්මක සඳහා අනුරාධපුර මහ රෝහලේ සහ වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථාන ක්‍ෂේත්‍ර රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සහය විය. Sports Shoes | Sneakers