Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2019 13:55:18 Hours

ජල ප්‍රවාහය පිරිසිදු කිරීමේ ප්‍රජා ව්‍යාපෘතියකට යුද්ධ හමුදා සාමාජිකයින් සිවිල් වැසියන් සමඟ එක්වෙයි

කෘෂිකාර්මික කටයුතු සඳහා ඉරනමඩු වැවෙන් ජලය වෙනත් ප්‍රදේශවලට ගෙන යන කනගරායන් ආරු ජල ප්‍රවාහය පිරිසිදු කර විධිමත්ව සකස් කිරීමේ ප්‍රජා ව්‍යාපෘතියක් ඉකුත් සඳුදා (21) දින ආරම්භ විය.

මෝසම් වැසි සමය ආරම්භවීමත් සමඟ කනගරායන් ආරු ජල ප්‍රවාහය පිටාර ගැලීමේ අවධානමක් ඇති බැවින් යුද්ධ හමුදා සාමාජිකයින් සිවිල් වැසියන් සමඟ එක්ව මෙම ප්‍රජා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහ. 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා සහ 573 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් මත මෙම ප්‍රජා ව්‍යාපෘතිය සංවිධානය කරන ලදී. 573 බලසේනාවේ භටපිරිස් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව දවස පූරා මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය දියත් කළහ.

කිලිනොච්චි වාරිමාර්ග කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා එහි කාර්ය මණ්ඩලය, කන්දවාලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් ඇතුළු අනෙකුත් සහභාගිවූවන් මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සාර්ථකව සිදුකරගැනීම සඳහා සහයෝගය දැක්වූහ. jordan Sneakers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD