2019-12-04 13:54:02
තත්ත්ව ආරක්ෂණ හා පිරික්සුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා සංඥා බළකායේ බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරච්චි බදාදා (4) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරී අරඹයි.
2019-12-04 13:53:30
මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ වැදගත් දේශනයක් දෙසැම්බර් මස 1 දිනට යෙදුණු ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ඉකුත් සඳුදා (03) දින පවත්වනු ලැබීය.
2019-12-04 13:53:04
අම්පාර රෝහලේ රුධිර බැංකුවේ සීඝ්රයෙන් හිඟවෙමින් පවතින රුධිර තොග පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව නැගෙනහිර ආරක්ෂක සේනා අඥාපතිතුමන්ගේ උපදෙස් මත 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චින්තක ගමගේ ගේ අධීක්ෂණය යටතේ ඉකුත් සිකුරාදා (8) දින 24 වන සේනාංක මූලස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන 24 වන සේනාංකයේ 6 වන සංවත්සරය වෙනුවෙන් දියත් කරන ලදී.
2019-12-04 13:52:10
යාපනය සිත්තන්කර්නී ප්‍රදේශයේ පිහිටි ‘පාර්ක් ජූහොන්‘ පෙර පාසලේ (Park - Joohon pre-school) වාර්ෂික විවිධ ප්‍රසංගය සහ ත්‍යාග ප්රදානෝත්සවය ඉකුත් සෙනසුරාදා (30) දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සහභාගී විය.
2019-12-04 13:51:15
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්යක්ෂ මණ්ඩලයේ 21 වන අධ්යක්ෂතුමන් ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් පී.ජේ.පී ගමගේ නොවැම්බර් මස 18 වන දින රාජකාරී ආරම්භ කරන ලදී.
2019-12-04 13:50:46
59 වන සේනාංකායේ 12 වන සංවත්සරයට සමගාමීව ඉකුත් ඉරිදා (1) දින නිල උසස්වීම් ලැබූ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019-12-04 13:49:02
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ කථිකාචාර්යවරුන් විසින් යාපනය සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයන්හී නිලධාරීන් 45 දෙනෙකු ‘මත්ද්‍රව්‍ය නිවාරණ’ ව්‍යාපෘතිය සඳහා උපදේශකයින් ලෙස පුහුණු කිරීමේ වැඩමුළුවක් නොවැම්බර් මස 25 දින සිට දෙසැම්බර් මස 1 දින දක්වා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2019-12-04 12:58:07
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිදුකරනු ලබන මානුෂිය ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් තන්තිරිමලේ, බෝගොඩවැව ප්‍රදේශයේ පදිංචි අඩු ආදයම්ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකරන ලද තවත් නව නිවසක් ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින...
2019-12-04 12:29:00
51 වන සේනාංකයේ සිවිල් ප්‍රජාව මූලික කරගත් වැඩසටහනක් තවත් පුළුල් කරමින් දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වන සම්මන්ත්රණ හතරක් යාපනය ප්‍රදේශයේ පාසල්වල නොවැම්බර් මස....
2019-12-04 12:28:24
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මරදම්කුලම් වැවේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළගොස් වැව් බැම්මෙන් ජලය කාන්ඳුවීම පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මත වූ කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් ප්‍රදේශවාසීන් සමග...