Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2019 13:53:30 Hours

යාපනයේ භටපිරිස් එච්.අයි.වී සහ ඒඩ්ස් පිළිබඳ දැනුවත් කරයි

මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ වැදගත් දේශනයක් දෙසැම්බර් මස 1 දිනට යෙදුණු ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී ඉකුත් සඳුදා (03) දින පවත්වනු ලැබීය.

ලෝක එච්.අයි.වී සහ ඒඩ්ස් දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබු මෙම දේශනය සඳහා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 400 කට අධික පිරිසක් සහභාගි වූහ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත පැවති මෙම වැඩමුළුව ලිංගාශ්‍රීත රෝග විශේෂඥ උපදේශක වෛද්‍ය ප්‍රියන්ත බලගල්ල, වෛද්‍ය ඒ.රොහාන්, වෛද්‍ය කේ. වෛරමුත්තු ඇතුළු යාපනය ශික්‍ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබීය. Sports Shoes | Nike