04th December 2019 12:29:00 Hours
51 වන සේනාංකයේ සිවිල් ප්‍රජාව මූලික කරගත් වැඩසටහනක් තවත් පුළුල් කරමින් දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්‍ෂකයින්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වන සම්මන්ත්‍රණ හතරක් යාපනය ප්‍රදේශයේ පාසල්වල නොවැම්බර් මස 25 සිට 27 දිනයන්හි පවත්වන ලදී.
51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලැබූ මෙම සම්මන්ත්‍රණ මාලාව කන්දරොඩයි විද්‍යාලය, අලවෙඩ්ඩි අරුණෝදය විද්‍යාලය, වේලනෙයි සරස්වතී විද්‍යාලය සහ යාපනය වඩ්ඩුක්කොඩෙයි යන විද්‍යාලයන්හි දී පැවැත්වූ අතර ඒ සඳහා සිසුන් 450 දෙනෙකු සහභාගී වූහ.
මෙම සම්මන්ත්‍රණ මාලාවේදී විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි යන විශයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කල අතර යාපනය දිස්ත්‍රික් අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් මෙම සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා ජනප්‍රිය ගුරුවරුන් මෙන්ම කථිකාචාර්යවරුන් ද සහභාගී කරවීය.Best Authentic Sneakers | Women's Nike Superrep