Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2019 13:50:46 Hours

59 වන සේනාංකයේ සංවත්සර වැඩසටහනට සමගාමීව උසස්වීම් ලැබූ සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනී

59 වන සේනාංකායේ 12 වන සංවත්සරයට සමගාමීව ඉකුත් ඉරිදා (1) දින නිල උසස්වීම් ලැබූ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සංවත්සර දිනයට ප්‍රථම, නොවැම්බර් මස 29 සහ 30 දිනයන්හී සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී මහා සංඝරත්නය විශයයෙහිලා දානමය පිංකමක් සහ මුල්ලෙයාවේලී ළමා නිවාසයේ ළමුන් සඳහා දිවා ආහාරය පිරිනමන ලදී.

සංවත්සර දිනයේ (ඉරිදා 01 දින), හමුදා සම්ප්‍රදායානුකූලව සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පැවති සියළු නිල තේපැන් සංග්‍රහයකට ද එතුමන් එක්විය. සංවත්සර උත්සවය අවසානයේ පැවති සංගීත ප්‍රසංගය අතරතුරදී සංවත්සරයට සමගාමීව 59 වන සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් අතර පැවති ක්‍රිකට්, වොලිබෝල් සහ පාපන්දු තරඟ ජයග්‍රාහිකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. Sports Shoes | Nike