Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2019 13:53:04 Hours

24 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් 250 කට අධික පිරිසක් රුධිර පරිත්‍යාග කරයි

අම්පාර රෝහලේ රුධිර බැංකුවේ සීඝ්‍රයෙන් හිඟවෙමින් පවතින රුධිර තොග පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව නැගෙනහිර ආරක්‍ෂක සේනා අඥාපතිතුමන්ගේ උපදෙස් මත 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චින්තක ගමගේ ගේ අධීක්‍ෂණය යටතේ ඉකුත් සිකුරාදා (8) දින 24 වන සේනාංක මූලස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන 24 වන සේනාංකයේ 6 වන සංවත්සරය වෙනුවෙන් දියත් කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 24 වන සේනාංකයේ දායකත්වය ඇතිව අම්පාර මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සහභාගී වූහ.

වාර්තාගත ලෙස, නැගෙනහිර පළාතේ රෝගීන් සඳහා රුධිරය පරිත්‍යාග කිරිමට නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 250 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

මෙහි සමාරම්භක උත්සව අවස්ථාව සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වූහ.

මෙම ප්‍රජාසත්කාරක ව්‍යාපෘතිය 24 වන සේනාංකය විසින් අඛණ්ඩව 4 වන වරටත් පවත්වන ලදී. එම අවස්ථාවට සහභාගී වූ රුධිර පරිත්‍යාගශීලීන්ට සහ අම්පාර රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නන් අයුරින් සංග්‍රහ කළහ.

මේ අතර, මල්වත්තේ ශ්‍රී පිල්ලෙයාර් කෝවිලෙදී හින්දු ආගමික වතාවත් ද මල්වත්තේ මජිතුරාම් ජුම්මා පල්ලියේදී ඉස්ලාමීය යාච්ඥාවක්ද සිදු කළ අතර එදිනම කතෝලික දේව මෙහෙයක් අම්පාරේ ශාන්ත ඉග්නේෂස් දේවස්ථානයේදී පැවැත්විණි.

තවද ඉකුත් සිකුරාදා (22) දින අම්පාර පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේදී සංඝයා වහන්සේලා හැටනමක් උදෙසා දානයමය පිංකමක් ද පවත්වනු ලැබීය.

සංවත්සර සැමරුම් උත්සවය යෙදී තිබු ඉකුත් බදාදා (27) දින 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චින්තක ගමගේ වෙත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් වර්ණවත් හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුද කරනු ලැබීය. වැඩසටහනේ අවසන් අංගය ලෙස සියළු නිල භෝජන සංග්‍රහයක් සඳහා ද එතුමන් එක්විය. Asics footwear | Nike Shoes