Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2019 13:52:10 Hours

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සහභාගී වෙයි

යාපනය සිත්තන්කර්නී ප්‍රදේශයේ පිහිටි ‘පාර්ක් ජූහොන්‘ පෙර පාසලේ (Park - Joohon pre-school) වාර්ෂික විවිධ ප්‍රසංගය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ඉකුත් සෙනසුරාදා (30) දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සහභාගී විය.

එම අවස්ථාවට සපැමිණි දවසේ ප්‍රධාන අමුත්තාට මල්මාලාවක් දමා උණුසුම් අයුරින් පිළිගෙන උත්සව ශාලාව වෙත කැඳවාගෙන යාමෙන් අනතුරුව සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා උත්සව කටයුතු ආරම්භ කෙරිණි. උත්සවය නැරඹීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ළමුන්ට ත්‍යාග ප්‍රදානය කිරිම සඳහා ද එක්විය.

තවද, මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පෙර පාසල් කාර්ය මණ්ඩලය සහ දෙමවුපියන් රැසක් සහභාගී වූහ. jordan Sneakers | Men's Sneakers