2019-12-23 16:04:29
පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මහඔය ප්‍රදේශයේ පිහිටි මහසියඹලාකන්ඩිය වැවේ ජල ම්ට්ටම සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වැව් බැම්ම කැඩි යාමේ අවධානමකට ලක්ව ඇති බැව් සැල වූ වහාම ක්‍රියාත්මක වූ 24 වන සේනාංකය යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ....
2019-12-23 16:02:29
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී ඉකුත් සෙනසුරාදා (21) දින පැවති විසිර යාමේ පෙළපාලියකදී විශේෂ පාබල පුහුණු පාඨමාලා අංක 69 සාර්ථකව හැදෑරූ නිලධාරින් 11 දෙනෙකු සහ සෙසු නිලයින් 204 දෙනෙකු විසිර යන ලදී. මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා පුහුණු පාසලේ....
2019-12-23 15:59:31
මාදුරුඔය පිහිටි යුද්ධ හමුදා පුහුණු පාසලේ 36 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ජගත් කොඩිතුවක්කු ඉකුත් සෙනසුරාදා (21) දින රාජකාරි ආරම්භ කරන ලදී. යුද්ධ හමුදා පුහුණු පාසල වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා භටපිරිස් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019-12-23 15:58:40
නාගදීපය සිට කතරගම දක්වා පාගමනින් ගමන් කරන ආබාධිත රණවිරුවන් දෙදෙනා ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින අළුත්ගම සීනීගම දේවාල භූමියට පැමිණියහ. 581 වන බලසේනාව සහ 58 වන සේනාංකය විසින් පැමිණි රණවිරුවන් දෙදෙනා පිළිගෙන ඔවුන්ට ප්‍රණීත ආහාර ලබා දුන්හ.
2019-12-23 15:57:40
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි දෙසැම්බර් මස 16 සහ 17 යන දෙදින තුළ 54 වන සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ පාලනය වන ස්ථානයන්හි සංචාරයක නිරත විය.
2019-12-23 15:56:40
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් සිකුරාදා (20) දින පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරත වූ තවත් පාසල් ළමුන් කණ්ඩායමකට අවශ්‍ය පහසුකම් ලබාදුන්හ. යාපනයේ පුතූර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ සිසුන් 42 දෙනෙකු සිය ගුරුවරුන් හා දෙමාපියන් සමඟ පාලාලි ගුවන්තොටුපලේ සංචාරයක නිරතවෙමින්...
2019-12-23 15:54:50
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අනියුක්තව සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම භාවනා වැඩසටහන ඉකුත් අඟහරුවාදා (17) දින දියතලාව ටෝච් සිනමා ශාලාවේ හීදී පැවැත්විණි.
2019-12-23 15:54:20
66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මංගල විජේසුන්දර ගේ මඟ පෙන්වීම යටතේ 66 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අතර දෙමළ භාෂාව ප්‍රගුණ කිරීමේ අරමුණින් ආරම්භ කළ මූලික දෙමළ භාෂා පාඨමාලාව ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින නිමාවට පත්විය.
2019-12-23 15:52:19
මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පිහිටි 681 වන බලසේනා මුලස්ථානයේ 7 වන බලසේනාධිපති ලෙස ගැමුණු හේවා බළඇණියේ කර්නල් ඒ.එම්.එස්. ප්‍රේමවංශ ඉකුත් සිකුරාදා (20) දින එම බලසේනා මුලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
2019-12-23 02:01:49
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක පස් කදු කඩාවැටීම් සිදුවෙමින් පවතින අතර කොළඹ - බඳුල්ල දුම්රිය මාර්ගයේ ‘ආරුක්කු පාලම’ අසල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පස් කඳු කඩාවැටි දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය. මෙම හදිසි තත්ත්වය පිළිබඳ සැළවූ වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි භටපිරිස් ඉකුත් සෙනසුරාදා (21) දින දුම්රිය මාර්ගයට කඩා වැටි තිබුණු පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතුවල නිරතවිය.