23rd December 2019 15:57:40 Hours
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි දෙසැම්බර් මස 16 සහ 17 යන දෙදින තුළ 54 වන සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ පාලනය වන ස්ථානයන්හි සංචාරයක නිරත විය.
54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ.අයි.ජේ බංඩාර විසින් එම සේනාංක මූලස්ථානයට සපැමිණි ආඥාපතිතුමන් උණූසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව ප්‍රදාන දොරටුව අභියසදී භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු සම්මාන මුරයක් පිරිනැමීය. අනතුරුව එම සේනාංක මූලස්ථානයේ කාර්යභාර්ය පිළිබඳ විස්තර කිරිමට ප්‍රථම එතුමන් මියගිය රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තැන්පත් කල අතර සිය සංචාරය සහිවනු වස් කදවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය.
පසුව, ආඥාපතිතුමන් නාවික කඳවුර ‘බරන’ වෙත පැමිණි අතර එහිදි ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදි එම සංචාරය සනිටුහන් කිරීම වෙනුවෙන් එතුමන් වෙත සමරුතිළිනයක් ද පිරිනැමීය.
ඉන් අනතුරුව එතුමන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි මරිච්චකඩ්ඩි ප්‍රදේශයේ සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහනට සම්බන්ධ වූහ. මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ නියෝජිතයින්, පොලීසිය සහ ප්‍රදේශයේ පාසල් නියෝජනය කරමින් සිසුන් පිරිසක් සහභාගී වූහ.
අනතුරුව එතුමන් 543 වන බලසේනා මූලස්ථානය වෙත පැමිණි අතර එහිදි 543 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්. මායාදුන්න විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව මන්නාරම අග රදගුරු ආචාර්ය එමානුවෙල් ප්‍රනාන්දු පියතුමා හමුවී අශීර්වාද ලබාගත් එතුමන් නැවත පැමිණෙන අතරතුර 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවෙහිද සංචාරයක නිරතවෙමින් එදින සංචාරය නිම කරන ලදී.
පසු දින වන්නි ආඥාපතිතුමන් 541 බලසේනා මූලස්ථානය වෙත පැමිණි අතර එහිදි එතුමන්ව 541 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එම්.පී.එස්.බී කුලතුංග විසින් උණුසුම් අයුරින් පිලිගනු ලැබීය. අනතුරුව එතුමන් පිළිවෙලින් 12 වන (ස්වේච්ඡා) ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ සංචාරයක නිතර වූ අතර එහිදී එම ඒකකවල අණදෙන නිලධාරීන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
අවසන් වශයෙන්, එතුමන් පිළිවෙලින් 542 වන බලසේනාව සහ 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියෙහි සංචාරය කල අතර එහිදි එතුමන් වෙත බලසේනාධිපතිතුමන් සහ ඒකක අණදෙන නිලධාරී තුමන් විසින් ඔවුන්ගේ රාජකාරී ස්වභාවය පිළිබඳ කෙටි පැහැදිලි කිරිමක් සිදු කළහ.
මෙම සංචාරයට 54 වන සේනාංකයේ සේනාංකාධිපති, 541, 542 සහ 543 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 62 වන සේනාංකය යටතේ ඇති බලඇණිවල අණදෙන නිලධාරීන් සහභාගී වූහ. Best Sneakers | Nike Shoes