Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 16:04:29 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් මහසියඹලාකන්ඩිය වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කරයි

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මහඔය ප්‍රදේශයේ පිහිටි මහසියඹලාකන්ඩිය වැවේ ජල ම්ට්ටම සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වැව් බැම්ම කැඩි යාමේ අවධානමකට ලක්ව ඇති බැව් සැල වූ වහාම ක්‍රියාත්මක වූ 24 වන සේනාංකය යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයින් මහඔය වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින අවධානමට ලක්ව තිබු වැව් බැම්ම වැලි කොට්ට අතුරා පිළිසකර කර වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරිමට සමත් වුහ.

පවතින අධික වර්ෂාව අඛණ්ඩව පැවතීම හේතුවෙන් මුළු ප්‍රදේශයම ගංවතුර අවධානම් තත්ත්වයකට පත්ව ඇති අතර එම අවස්ථාව පිළිබද යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කරන විට වැව් බැම්ම පුපුරා යාමේ අවධානම උත්සනව තිබිණි.

24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 19 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින සන්ධයාවේ වැව් බැම්මේ වැලි කොට්ට අතුරා වැව් බැම්මේ සම්පූර්ණ ආරක්‍ෂාව තහවුරු කරන ලදී.Sports brands | Sneakers