Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 15:52:19 Hours

681 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පිහිටි 681 වන බලසේනා මුලස්ථානයේ 7 වන බලසේනාධිපති ලෙස ගැමුණු හේවා බළඇණියේ කර්නල් ඒ.එම්.එස්. ප්‍රේමවංශ ඉකුත් සිකුරාදා (20) දින එම බලසේනා මුලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.

නව බලසේනාධිපතිතුමන් සිය කාර්යාලයේදී ආගමික වතාමත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගන්නා ලදී. ඉන් අනතුරුව, එතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කදවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර මෙම අවස්ථාව සඳහා බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි වූහ. Nike shoes | NIKE AIR HUARACHE