Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 16:02:29 Hours

මාදුරුඔයදී පැවති විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 69 සාර්ථකව නිමාවට

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී ඉකුත් සෙනසුරාදා (21) දින පැවති විසිර යාමේ පෙළපාලියකදී විශේෂ පාබල පුහුණු පාඨමාලා අංක 69 සාර්ථකව හැදෑරූ නිලධාරින් 11 දෙනෙකු සහ සෙසු නිලයින් 204 දෙනෙකු විසිර යන ලදී.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජගත් කොඩිතුවක්කු සහභාගී විය.

මෙම පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර නිලධාරියා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් එම්. මීගස්තැන්න විසින් සම්මාන හිමිකරගත් අතර හොඳම වෙඩික්කරු ලෙස ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල කේ.පී.කේ.කේ. ආනන්ද සම්මාන හිමිකරගත්හ. තවද, මෙම පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් යූ.එල්.ඩී.එම්. විජේන්ද්‍ර සම්මාන හිමිකරගත්හ. Sportswear free shipping | Gifts for Runners