Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 15:59:31 Hours

යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

මාදුරුඔය පිහිටි යුද්ධ හමුදා පුහුණු පාසලේ 36 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ජගත් කොඩිතුවක්කු ඉකුත් සෙනසුරාදා (21) දින රාජකාරි ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදා පුහුණු පාසල වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා භටපිරිස් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, නව සේනාවිධායකතුමන් සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාර ගන්නා ලදි.

මීට ප්‍රථම බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය එම තනතුරේ රාජකාරි හොඹවනු ලැබීය. best Running shoes | Nike Dunk - Collection - Sb-roscoff