2020-01-21 12:30:22
යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සහ මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ සාමාජිකයින් කණ්ඩායමක් වන්නි ප්‍රදේශයේ සියලුම ඒකකයන්හි රාජකාරි කිරීම සඳහා උපදේශන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2020-01-21 12:20:22
යාපනය ආරක්ෂචක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ජනවාරි මස 21 සහ 22 දිනයන්හි 55 වන සේනාංක මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපති බලසේනා මුලස්ථානයන්හි නිල සංචාරක නිරත විය.
2020-01-21 10:45:08
65 වන සේනාංක මූලස්ථානයේ 11 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩී.එම්.එච්.ඩී. බණ්ඩාර ඉකුත් සෙනසුරාදා (18) දින පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කරනු ලැබීය. එම මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි නව සේනාංකාධිපති වෙත 65 වන සේනංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.
2020-01-21 08:45:08
212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් ගේ සම්බන්ධිකරණයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි දානපති ප්‍රිතී ගජනායක මහතා සහ එම පවුලේ සාමාජිකයින්ගේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව එප්පාවල, ඉහළ හල්මිල්ලෑව, අදිරානිගම ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් තවත් නව නිවසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්...
2020-01-20 19:22:28
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් පරිදි ඉකුත් අඟහරුවාදා (21) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සියළු නිලයන් සඳහා සුභසාධන පහසුකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2020-01-20 17:22:28
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 682 වන බලසේනාවේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු - ඉරනපලෙයි මාර්ගයේ ෆාතිමා දේවස්ථානය අසල අනතුරුදායක ලෙස හානියට පත් ස්ථානය පිළිබඳ වඩාත් අවධානය යොමුකරමින් එම ස්ථානය ප්‍රතිසංස්කරණය කරන ලදී.
2020-01-20 15:22:28
2020-01-20 13:28:41
භූතාන් පාරෝ පාපන්දු සමාජයේ ක්‍රීඩකයින් 20 ක් ඇතුළු එම ක්‍රීඩා සමාජයේ කළමනාකරණ නිලධාරීන් 5 දෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු සමාජය සමඟ ආසියානු පාපන්දු කුසලානය යටතේ මූලික පාපන්දු තරඟයකට සහභාගීවීම සඳහා ඉරිදා (19) දින උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියහ.
2020-01-20 13:25:53
තෛයිපොංගල් දිනය නිමිත්තෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ සංකල්පයකට අනුව සංවිධානය කරනු ලැබූ සුහද හමුවේදී එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා හින්දු භක්තිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝදාස්වාදයට පත්වූහ.
2020-01-19 13:25:53
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු සාඩම්භර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට ප්‍රථම ඉකුත් සිකුරාදා (17) දින එම රෙජිමේන්තුව වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව එතුමන් හට ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු ගෞරවාචාරය පුදකළහ.