21st January 2020 08:45:08 Hours
212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් ගේ සම්බන්ධිකරණයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි දානපති ප්‍රිතී ගජනායක මහතා සහ එම පවුලේ සාමාජිකයින්ගේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව එප්පාවල, ඉහළ හල්මිල්ලෑව, අදිරානිගම ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් තවත් නව නිවසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් ආරම්භ කරනු ලැබීය.
මෙම නව නිවස සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ඉකුත් ඉරිදා (19) දින නිවාසලාභි ඒ.ඒ. අනුෂා දිල්රුක්ෂි මහත්මිය සහ ඇගේ දරුවන් සිව්දෙනාගේ සහභාගීත්වයෙන් එප්පාවල, ඉහළ හල්මිල්ලෑව, අදිරානිගම ප්‍රදේශයේදී පැවැත්විණි. මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 212 බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් සහභාගී විය.
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත 212 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා තලාව ප්‍රාදේශීය ලේකම් එන්.එච්.ආර්. නිශාන්ත, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 7 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී සහ නිවාසලාභි පවුලේ සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.Nike Sneakers | nike