21st January 2020 12:20:22 Hours
යාපනය ආරක්ෂචක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ජනවාරි මස 21 සහ 22 දිනයන්හි 55 වන සේනාංක මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපති බලසේනා මුලස්ථානයන්හි නිල සංචාරක නිරත විය.
සේනාංක මුලස්ථානය වෙත සපැමිණි ආඥාපතිතුමන් එම සේනාකංයේ සේනාංකාධිපතිතුමන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදී, සේනාංකාධිපතිතුමන් සේනාංකයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් ආඥාපතිතුමන් දැනුවත් කළහ. ඉන් අනතුරුව, යාපනය ආරක්ෂරක සේනා ආඥාපතිතුමන් පසුව 55 වන සේනාංකයේ භටපිරිස් සහ මාණ්ඩලික නිලධාරීන් අමතනු ලැබීය.
ඉන් අනතුරුව, ආඥාපතිතුමන් 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 551, 552 සහ 553 වන බලසේනා මුලස්ථානයන්හි සංචාරය කළ අතර බලසේනා මුලස්ථාන වෙත සපැමිණි ආඥාපතිතුමන් බලසේනාධිපතිවරුන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එම සංචාර අතරතුරදී, ආඥාපතිතුමන් බලසේනාවන්හී රාජකාරි කරනු ලබන සියලුම භටපිරිස් අමතනු ලැබීය. Sports News | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov