Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2020 13:28:41 Hours

යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායම සමග අභියෝගාත්මක තරගයක් සඳහා භූතාන පාපන්දු කණ්ඩායමක් පැමිණෙති

භූතාන් පාරෝ පාපන්දු සමාජයේ ක්‍රීඩකයින් 20 ක් ඇතුළු එම ක්‍රීඩා සමාජයේ කළමනාකරණ නිලධාරීන් 5 දෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු සමාජය සමඟ ආසියානු පාපන්දු කුසලානය යටතේ මූලික පාපන්දු තරඟයකට සහභාගීවීම සඳහා ඉරිදා (19) දින උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියහ.

ආසියානු පාපන්දු ‘කොන්ෆෙඩරේෂන්’ කුසලානයේ ‘ඊ’ කණ්ඩායමේ එක් තරගයක් ලෙස ඔවුන් ජනවාරි මස 21 වන දින තුරඟ තරඟ පිටියේදී යුද්ධ හමුදා පාපන්දු සමාජයට එරෙහිව තරඟ වදිති. 

2019 වසරේදී යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායම ඩයලොග් චැම්පියන්ස් ලීග් තරඟාවලියේ ජය වාර්තාකිරිමත් සමඟ ඔවුනට මෙම තරඟාවලිය සඳහා සහභාගිවීමට ඉඩහසර ලැබිණි.

එම තරඟ සියල්ලම ආසියානු පාපන්දු කුසලාන තරඟාවලියේ නීතිරීති වලට අනුකූලව පවත්වනු ලබයි. යුද්ධ හමුදා පාපන්දු සමාජය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමඟ සමීප සහයෝගයෙන් මෙම තරගය සංවිධානය කෙරේ. 

මීට අමතරව, ඉරානයේ විනිසුරුවන් 4 දෙනෙකු මෙම තරගයෙහි විනිසුරුවන් ලෙස කටයුතු කරනු ලබන අතර ජෝර්දාන ජාතිකයෙකු තරග කොමසාරිස් ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු සමාජය ක්‍රීඩකයින් 18 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 3 දෙනෙකුගෙන් සමන්විත වන අතර නයිජීරියානු ජාතික ක්‍රීඩකයින් 2 ක් සහ ගහනා ජාතික ක්‍රීඩකයෙකු යුද්ධ හමුදා පාපන්දු සමාජයට ඇතුළත් වේ.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුව යුද්ධ හමුදා පාපන්දු සමාජයේ සභාපති බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර විසින් තරගාවලියට අවශ්‍ය කටයුතු සංවිධානය කරනු ලබයි.

ආසියානු පාපන්දු කුසලාන තරඟාවලිය, ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික පාපන්දු තරඟයකි. එහි වර්තමාන නීතිරීතිවලට අනුව, ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මුලික වටයේ සුදුසුකම් නොලත් පාපන්දු කණ්ඩායම් අතර පවත්වයි. latest Running Sneakers | Footwear