21st January 2020 12:30:22 Hours
යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සහ මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ සාමාජිකයින් කණ්ඩායමක් වන්නි ප්‍රදේශයේ සියලුම ඒකකයන්හි රාජකාරි කිරීම සඳහා උපදේශන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
මෙම වැඩමුළුවේ ප්‍රධානතම අරමුණ වනුයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ගැටළු හා ඔවුන්ගේ විවිධ ගැටළු මුල් අවධියේම හදුනාගනිමින් ඔවුන් එම තත්ත්වයෙන් මුදාගැනිම සඳහා නිලධාරීන් පුහුණු කිරීමයි. ඒ අනුව, මෙම වැඩමුළුව ජනවාරි මස 22 සහ 23 දිනයන්හි වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී පැවැත්වූ අතර ඒ සඳහා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ. Sport media | Nike React Element 87