Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2020 13:25:53 Hours

තෛයිපොංගල් දිනයේදී උතුරේ යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව සුහඳ හමුවක් පවත්වයි

තෛයිපොංගල් දිනය නිමිත්තෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ සංකල්පයකට අනුව සංවිධානය කරනු ලැබූ සුහද හමුවේදී එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා හින්දු භක්තිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝදාස්වාදයට පත්වූහ.

‘තල්සෙවණ’ යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේ ඉකුත් සෙනසුරාදා (18) දින පැවති මෙම සුහද හමුව සඳහා හින්දු භක්තික යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට වැඩි පිරිසක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමඟ සහභාගී වූහ.

සාම්ප්‍රදායික හින්දු චාරිත්‍ර හා වාරිත්‍රවලට අනුව ඔවුන් සියලුදෙනා එක්ව රසවත් ආහාරවේලක් භූක්තිවිද එහිදි පැවැති සංගීත ප්‍රසංගයකට එක්ව විනෝදාස්වාදයට පත්වු අතර එම අවස්ථාවේදී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ඇතුළු එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද ඔවුන් සමඟ එක්වී සුහද පිළිසදරක යෙදිණි. buy footwear | Klær Nike