20th January 2020 17:22:28 Hours
මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 682 වන බලසේනාවේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු - ඉරනපලෙයි මාර්ගයේ ෆාතිමා දේවස්ථානය අසල අනතුරුදායක ලෙස හානියට පත් ස්ථානය පිළිබඳ වඩාත් අවධානය යොමුකරමින් එම ස්ථානය ප්‍රතිසංස්කරණය කරන ලදී.
පසුගියදා පැවැති ගංවතුර තත්ත්වය නිසා මාර්ගය දැඩි ලෙස අබලන්ව පැවති අතර බර වාහන ගමනාගමනය නිසා මාර්ගය භාවිත කිරීමේ අපහසුතාවය තවත් දැඩි වී තිබුණි.
තවදුරටත් ඛාදනය වැළැක්වීම සඳහා බලසේනාවේ භට පිරිස්, වැලි කොට්ටා අතුරා දැව හා අනෙකුත් උපාංග භාවිතා කළහ. 682 වන බලසේනාවේ භටපිරිස් විසින් සිදු කළ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් අනතුරුව මාර්ගය වාහන ධාවනය සඳහා විවෘත කෙරිණි. Asics footwear | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov