Header

Sri Lanka Army

Defender of the Nation

19th January 2020 13:25:53 Hours

විශ්‍රාමගන්නා ජ්‍යෙෂ්ඨ නිලධාරී හට ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ ගෞරවාචාරය පුදකරයි

වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු සාඩම්භර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට ප්‍රථම ඉකුත් සිකුරාදා (17) දින එම රෙජිමේන්තුව වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව එතුමන් හට ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු ගෞරවාචාරය පුදකළහ.

සමුගැනීමේ උත්සවයට හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක්, රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීමක්, සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීම, සියලුනිල තේපැන් සංග්‍රහයක් සහ හමුදා සම්ප්‍රදායානුකූල රාත්‍රි භෝජන සංග්‍රයක් ද ඇතුළුත් විය.

නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ට සුබපැතුම් එක් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපති සාගරා ගුණවර්ධන මැතිණිය සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගි වූහ. Sports brands | Nike Shoes, Sneakers & Accessories