Header

Sri Lanka Army

Defender of the Nation

21st January 2020 10:45:08 Hours

65 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

65 වන සේනාංක මූලස්ථානයේ 11 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩී.එම්.එච්.ඩී. බණ්ඩාර ඉකුත් සෙනසුරාදා (18) දින පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කරනු ලැබීය.

එම මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි නව සේනාංකාධිපති වෙත 65 වන සේනංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාංකාධිපතිතුමන් මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.

ඉන් අනතුරුව, 65 වන සේනංකයේ රාජකාරියේ නියුතු භටපිරිස් ඇමතූ එතුමන් සියලුනිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, එම සේනාංකයේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් ද සහභාගී වූහ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ඉකුත් සඳුදා (20) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න හමුවිය. Mysneakers | Nike News