2020-02-23 15:31:00
593 වන බලසේනා මූලස්ථානයේ 11 වන සංවත්සරය බෞද්ධ, හින්දු සහ කතෝලික ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් ඉකුත් සිකුරාදා (14) දින නයාරු පිහිටි සිය මූලස්ථාන පරිශ්‍රයේදී අභිමානවත් අයුරුන් සමරුනු ලැබීය.
2020-02-23 14:51:36
සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්...
2020-02-23 13:30:08
ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද්ධ හමුදාධිපතිට සහ එතුමන්ගේ පවුලේ අයවළුන්ට එරෙහිව පනවා ඇති ගමන් තහනම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික...
2020-02-23 13:18:08
‘උතුර දකුණ යා කරන සංහිදියාවේ සිතුවම් පවුර’ යන තේමාවට සමගාමීව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර ගේ සංකල්පයකට අනුව 17 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පෙබරවාරි මස 14 සිට 18 දින දක්වා කාලය තුළ මල්ලවි මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලිවල සිතුවම් අඳීමින් උතුර දකුණෙහි බැදීම් සවිමත් කළහ.
2020-02-23 13:10:08
සියළුම පොලිස් ස්ථානවල භාර නිලධාරී, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සර්ව ආගමික අමුත්තන්, පාසල්වල විදුහල්පතිවරුන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසක් මෙන්ම කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් ඉකුත් අඟහරුවාදා (18) දින 57 වන සේනාංක මූලස්ථානයට රැස්ව ආරක්ෂක ජාල ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන් සහ ප්‍රදේශවල නීතිය හා සාමය පවත්වාගෙන යාමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කරන ලදී.
2020-02-23 13:03:08
හින්දු ආගමික උත්සවයක් වන ‘මහා ශිව රාත්‍රියට‘ සමගාමීව, ඉන්දියාවේ හෘදයාංගම භාවනා ආයතනයේ සම්බන්ධීකරණයෙන් පෙබරවාරි මස 21 සිට 23 දින දක්වා තෙදින භාවනා වැඩසටහනක් යාපනයේ ආරක්ෂක හමුදා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද අතර ඒ අනුව එම භාවනා වැඩසටහන කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි තල් සෙවන යුද හමුදා නිවාඩු නිකේතනයේදී පැවැත්විණි.
2020-02-23 12:59:08
571 වන බලසේනාවේ භටපිරිස් සහ ‘මාස් ක්‍රිඩා වනාවිල්’ නිමි ඇඳුම් කර්මාන්ත ශාලාවේ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් 21 දෙනෙකු සමඟ එක්ව ඉකුත් ඉරිදා (16) දින කිලිනොච්චි දුම්රිය ස්ථානය පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.
2020-02-23 12:55:08
652 වන පාබල බලසේනාවේ සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් විසින් ඉකුත් සඳුදා (17) දින කොඩ්ඩකඩ්ඩියකුලම් මුහුදන් පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2020-02-23 12:51:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ උපදේශක කණ්ඩායමේ උපදේශකත්වයෙන් යුතුව පැවැත් වූ පුපුරණ සුළු වෙඩි ද්‍රව්‍ය (EOD) සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ (IEDD) ක්‍රියාකරුවන්ගේ නිපුණතා සහ හැකියාවන් පුහුණු කිරිමේ (BIEDDT) මූලික පාඨමාලාව සාර්ථක ලෙස නිමාවට පත්විය. මාලදිවයින් ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ (MNDF) ඉල්ලීමකට අනුව පැවැත්වූ මෙම පාඨමාලාව තුළින් ඕනෑම අවස්ථාවක ස්වයංක්‍රීය පුපුරණ සුළු වෙඩි ද්‍රව්‍ය (EOD) සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ (IEDD) මෙහෙයුම් සිදු කිරීමේ පුහුණුව ලබාදෙන ලදී.
2020-02-22 21:47:20
14 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි එම සේනාංක මූලස්ථානයට අනුයුක්තව සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් සිකුරාදා (21) දින කැළණිමුල්ල පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.