23rd February 2020 13:10:08 Hours
සියළුම පොලිස් ස්ථානවල භාර නිලධාරී, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සර්ව ආගමික අමුත්තන්, පාසල්වල විදුහල්පතිවරුන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසක් මෙන්ම කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් ඉකුත් අඟහරුවාදා (18) දින 57 වන සේනාංක මූලස්ථානයට රැස්ව ආරක්‍ෂක ජාල ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන් සහ ප්‍රදේශවල නීතිය හා සාමය පවත්වාගෙන යාමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කරන ලදී.
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස් ද සිල්වා මෙම පිරිසට ආරාධනා කළ අතර මෙම සාකච්ඡාවේ මුලසුන ද එතුමන් දැරීය. එහිදී, සියලුදෙනාම සිය අදහස් හා යෝජනා එකිනෙකා සමඟ හුවමාරු කරගත් අතර මෙවැනි සංවාදයක් පැවැත්වීමේ වැදගත්කම ද එහිදි වැඩිදුරටත් අවධානයට ලක්විය.
කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා එම සංවාදයට සහභාගිවූවන් නව අදහස් ඉදිරිපත් කළ අතර ආරක්‍ෂාව, සාමය සහ සමගිය සැමවිටම පවත්වා ගත යුතු අතරම ප්‍රදේශයේ නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද අවධාරණය කෙරිණි. මෙම සාකච්ඡාව සඳහා 57 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනාවල බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ 57 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහභාගි වූහ. bridge media | NIKE HOMME