Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2020 13:03:08 Hours

යාපනයේ භටපිරිස් භාවනා වැඩසටහනකට එක්වෙති

හින්දු ආගමික උත්සවයක් වන ‘මහා ශිව රාත්‍රියට‘ සමගාමීව, ඉන්දියාවේ හෘදයාංගම භාවනා ආයතනයේ සම්බන්ධීකරණයෙන් පෙබරවාරි මස 21 සිට 23 දින දක්වා තෙදින භාවනා වැඩසටහනක් යාපනයේ ආරක්ෂක හමුදා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද අතර ඒ අනුව එම භාවනා වැඩසටහන කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි තල් සෙවන යුද හමුදා නිවාඩු නිකේතනයේදී පැවැත්විණි.

මෙම භාවනා වැඩසටහන යාපනය ප්‍රදේශය ආශ්‍රීතව සේවයේ නිරත යුද හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය හා අධ්‍යාත්මික සුවය ලබා දීම මූලික අරමුණ කර ගනිමින් පවත්වන ලද අතර එම තෙදින වැඩමුළුව වෙනුවෙන් ඉන්දීයාවේ හෘදයාංගම භාවනා මධ්‍යස්ථානයේ උපදේශකවරුන්ගේ මාර්ගෝපදේශකත්වය ලබා දී තිබිණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම එහි සේවය කරනු ලබන ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් මෙම තෙදින භාවනා වැඩසටහන වෙනුවෙන් සහභාගී වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබිණි. Sports Shoes | Men Nike Footwear