23rd February 2020 12:55:08 Hours
652 වන පාබල බලසේනාවේ සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් ඉකුත් සඳුදා (17) දින කොඩ්ඩකඩ්ඩියකුලම් මුහුදන් පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එම්.එච්.ඩි. බණ්ඩාර ගේ උපදෙස් මත දියත් කරන ලද මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් 13 දෙනෙකු ද ඉතා උද්යෝගමත් අයුරින් භටපිරිස් සමගින් එක්ව සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.
මේ අතර, 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින අක්කරායන්කුලම් ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
මෙම ප්‍රජා ව්‍යාපෘතිය සාර්ථකව දියත් කිරීම සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් 10 දෙනෙකු ද භට පිරිස් සමඟ එක්වූහ. jordan Sneakers | Men’s shoes