Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2020 21:47:20 Hours

14 වන සේනාංකයේ භටපිරිස් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් වෙති

14 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි එම සේනාංක මූලස්ථානයට අනුයුක්තව සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් සිකුරාදා (21) දින කැළණිමුල්ල පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සෙනරත්, පොලිස් අධිකාරි නිශාන්ත සිල්වා, පොලිස් අධිකාරි ජගත් රෝහණ සහ පොලිස් පරික්‍ෂක කේ. ප්‍රේමරත්න ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 15 දෙනෙකු සහ සෙසු නිලයින් 152 ක් සහභාගී වූහ.

මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමළුව තුළින් යුද්ධ හමුදා සාමාජිකයින් මත්ද්‍රව්‍ය පිළිබඳව සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීන මෙන්ම මාර්ග බාධක යොදවා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ කටයුතු කලයුතු ආකාරය ආදී කරුණු පිළිබඳව දැනුවත් වූහ. Sports Shoes | Men's Footwear