Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2020 13:18:08 Hours

‘උතුර දකුණ යා කරන සංහිදියාවේ සිතුවම් පවුර’ වැඩසටහනට සමගාමීව මල්ලාවි විද්‍යාලයේ ගොඩනැගිලි බිති සිදුවමින් හැඩවෙති

‘උතුර දකුණ යා කරන සංහිදියාවේ සිතුවම් පවුර’ යන තේමාවට සමගාමීව 65 වන සේනාංකයේ සේනාංකා‍ධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර ගේ සංකල්පයකට අනුව 17 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පෙබරවාරි මස 14 සිට 18 දින දක්වා කාලය තුළ මල්ලවි මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලිවල සිතුවම් අඳීමින් උතුර දකුණෙහි බැදීම් සවිමත් කළහ.

මහජන සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම, සහයෝගීතාව වර්ධනය කිරීම සහ සිවිල් ප්‍රජාවගේ හදවත් දිනා ගැනීම 653 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ දියත් කරනු ලැබු මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණක් විය.

මෙම සෞන්දර්යාත්මක කුසලතාවය සඳහා, ‘කොලොම්තොට වියත්මග’ (කොළඹ බුද්ධිමතුන්ගේ හඩ) සභාපති මහාචාර්ය සුරතිස්ස දිසානයක ඇතුළු කලාකරුවන්, චිත්‍ර ශිල්පීන්, මල්ලාවි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන්, මල්ලාවි ප්‍රදේශයේ කලාකරුවන් මෙන්ම 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 1 වන විශේෂ බලකා රෙජිමේන්තුව, 7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව, 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ලබාදී තිබිණි.

මල්ලාවි ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පූජකවරුන්, ‘දෙරණ’ අරුණ සහ මල්ලාවි මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් විසින් එම සිතුවම් ඇදීම සඳහා අවශ්‍ය තීන්ත ලබාදෙමින් මෙම මනුසත් ක්‍රියාව සඳහා විශේෂ සහයෝගයක් ලබාදෙන ලදී. url clone | Women's Nike Air Max 270 trainers - Latest Releases