Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2020 12:51:08 Hours

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකායේ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ (IED) ප්‍රවීණයන්ගෙන් මාලදිවයින් නිලධාරීන්ට පුහුණුවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ උපදේශක කණ්ඩායමේ උපදේශකත්වයෙන් යුතුව පැවැත් වූ පුපුරණ සුළු වෙඩි ද්‍රව්‍ය (EOD) සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ (IEDD) ක්‍රියාකරුවන්ගේ නිපුණතා සහ හැකියාවන් පුහුණු කිරිමේ (BIEDDT) මූලික පාඨමාලාව සාර්ථක ලෙස නිමාවට පත්විය. මාලදිවයින් ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ (MNDF) ඉල්ලීමකට අනුව පැවැත්වූ මෙම පාඨමාලාව තුළින් ඕනෑම අවස්ථාවක ස්වයංක්‍රීය පුපුරණ සුළු වෙඩි ද්‍රව්‍ය (EOD) සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ (IEDD) මෙහෙයුම් සිදු කිරීමේ පුහුණුව ලබාදෙන ලදී.

මාලදිවයින් ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ විවිධ අංශ නියෝජනය කරමින් (BIEDDT) මූලික පුහුණු පාඨමාලාව සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූ අතර එහිදි පාඨමාලාව සාර්ථකව නිමා කරන ලද සිසුන් සඳහා 2020 පෙබරවාරි මස 16 වන දින සහතික පත් ප්‍රදානය කිරිමේ උත්සවය පැවැත්විණි. පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ වෙරළාරක්‍ෂක බලකායේ ලුතිනන් අබ්දුල්ලා ෂාහිඩ්ට (Lieutenant Abdulla Shahid) පාඨමාලාවේ ප්‍රථම ස්ථානය හිමි විය.

සහතිකපත් ප්‍රදානය කිරිමේ උත්සවයේ ප්‍රධන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු බලසේනාවේ බලකාධිපති බ්‍රිගේඩියර් නිහාල් අමරසේකර සහභාගී වූ අතර එහිදි පාඨමාලාවට සහභාගි වූ සිසුන් සඳහා සහතික පත් ප්‍රදානය කිරිම සහ පාඨමාලාව සාර්ථක ලෙස නිමාවට පත් කළ සිසුන්ට ස්වයංක්‍රීය පුපුරණ සුළු වෙඩි ද්‍රව්‍ය (EOD) ලාංඡන පැළද වීමද සිදු කළේය. මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ (MNDF) ප්‍රථම වරට වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ ලාංඡනය හදුන්වාදීමත් සමඟ එම සුවිශේෂි අවස්ථාව යුද හමුදා ඉතිහාසයේ සනිටුහන් විය.

බ්‍රිගේඩියර් නිහාල් අමරසේකර සිය ප්‍රධාන දේශනයේදී මාලදිවයින මෙවන් පුහුණුවක් ලබාගැනීමට තීරණය කිරිම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බෙහෙවින් අගය කළ අතර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් ඔවුන් වෙත සිය කෘතඥතාවය පළ කළේය. තවද ශ්‍රි ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකා සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහ මාලදිවයින් ජනරජයේ ආරක්‍ෂක බළකා ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල්ලා ෂම්මාල් (Major General Abdhulla Shammal) පුහුණු පාඨමාලාව අතරතුරදී ලබා දුන් සහයෝගය පිලිබඳව සිය කෘතඥතාවය පළ කළේය.

පුරා සිව් මසකුත් දින 13 ක් පැවති ස්වයංක්‍රීයව පුපුරණ සුළු වෙඩි ද්‍රව්‍ය (EOD) සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ (IEDD) මෙහෙයුම් පාඨමාලාව සඳහා පුහුණු උපදේශනය ලබාදී මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ (MNDF) භටයින් පුහුණු කිරිමට දැරු අඛණ්ඩ උත්සාහය වෙනුවෙන් ආරක්ෂක බලකායේ ප්‍රධානියා ශ්‍රී ලංකා උපදේශක කණ්ඩායමේ සේවය අගයමින් ඔවුන් වෙත ප්‍රශංසා ලිපි ප්‍රදානය කළේය.

බන්දාරා කොෂි හි මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ (MNDF) පැවති එම සහතික පත් ප්‍රදානෝත්සවය සඳහා ආරක්ෂක බලකායේ ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල්ලා ෂම්මාල් (Major General Abdhulla Shammal), ආරක්ෂක බලකායේ නියෝජ්‍ය ප්‍රධානී ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ් (Brigadier General Abdul Raheem Abdul Latheef), බ්‍රිගේඩියර් ජෙනරාල් වයිස් වහීඩ් අණදෙන නිලධාරී (CDSS), ප්‍රධාන අධ්‍යක්ෂවරුන්, සියළු සේවා අණ දෙන නිලධාරීන්, මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ (MNDF) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, බළලත් නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලයන් විශාල පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා ඉංජිනේරු උපදේශක කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද පුළුල් පුහුණු මොඩියුල දෙකක් තුළ ස්වයංක්‍රීයව පුපුරණ වෙඩි ද්‍රව්‍ය (EOD) සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය ක්‍රමෝපායන් නිශ්ක්‍රීය කිරිමේ (IEDD) මෙහෙයුම් සිදු කිරීමට හැකියාව මෙන්ම උපක්‍රම හා ක්‍රමෝපායන් (TTPs) ලබා දෙන ලදී. මූලික BIEDDT පාඨමාලාව 2019 ඔක්තෝබර් මස 16 සිට 2019 දෙසැම්බර් මස 19 දක්වා සිසුන් 35 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර 2020 ජනවාරි මස 5 සිට 2020 පෙබරවාරි 16 දක්වා පවත්වන ලද උසස් BIEDDT පාඨමාලාවට සිසුන් විසි එක් දෙනෙකු සහභාගී වූහ.

DHE MAKARU නමින් හදුන්වන ලද මෙහෙයුම් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය 2020 පෙබරවාරි 9 සිට 14 දක්වා පැවැත් වූ අතර එහිදි පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ (IEDD) මෙහෙයුම් සැලසුම් කිරිම සහ ඔවුන්ගේ තනි කුසලතා හා නිපුණතා ඇගයීම සිදු කරන ලදී. අත්‍යවශ්‍ය සියළු පාර්ශවකරුවන්ගේ සහය ඇතිව හුල්හුලේ හුල්හුමාලේ සහ මාලේ යන ප්‍රදේශවල සිදු කළ මෙම අභ්‍යාසයට බෝම්බ හා වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ අභ්‍යාසයද ඇතුලත් විය.

පුහුණු මොඩියුල දෙක මූලස්ථාන ඉංජිනේරු බළකාය යටතේ අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරන ලද අතර සාමාජිකයින් දස දෙනෙකුගෙන් යුත් උපදේශක කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ලුතිනන් කර්නල් චන්දන වික්‍රමනායක කටයුතු කරනු ලැබීය. තවද එම උපදේශක කණ්ඩායමට මේජර් ක්‍රිෂාන්ත පුස්සේවෙල, මේජර් ප්‍රියන්ත කොඩිතුවක්කු, මේජර් ජනක ගුණවර්ධන, කපිතාන් පංචාල ගුණසේකර, බළලත් නිලධාරී I අයි. කේ. එම්. වීරරත්න, බළලත් නිලධාරී II එම්.එම්. සමන්ත බන්ඩාර, බළලත් නිලධාරී II වී.පී.ආර්.එන්. කුමාරසිරි, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් එච්.එම්.එස්.පී.කේ කරුණාරත්න සහ කෝප්‍රල් එච්.ජී.සී. නිශාන්ත ඇතුළු උපදේශකයින් පිරිසක් සහභාගී වූහ. Sports Shoes | New Balance 991 Footwear