23rd February 2020 15:31:00 Hours
593 වන බලසේනා මූලස්ථානයේ 11 වන සංවත්සරය බෞද්ධ, හින්දු සහ කතෝලික ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් ඉකුත් සිකුරාදා (14) දින නයාරු පිහිටි සිය මූලස්ථාන පරිශ්රයේදී අභිමානවත් අයුරුන් සමරුනු ලැබීය.
සංවත්සරයට සමගාමීව බෝධි පූජාවක්, මහා සංඝරත්නය විශයෙහිලා දානමය පිංකම්, වට්ටප්පලෙයි කන්නෙයිඅම්මාන් හින්දු කෝවිලේදී හින්දු පූජාවක් සහ කෝකිලායි ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී කතෝලික දේවමෙහෙයක් පැවැති අතර සංවත්සර දිනයේ (15) හමුදා සම්ප්රදායානුකූල උත්සවයක් 593 වන බලසේනා මූලස්ථාන පරිශ්රයේදී පැවැත්විණි.
සංවත්සර දිනයේ බලසේනා මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව එතුමන් බලසේනාවේ සේවයේ නියුතු භටපිරිස් අමතනු ලැබීය. මෙම අවස්ථාව සංකේතවත් කරමින් බලසේනාධිපතිතුමන් කඳවුරු පරිශ්රයේ පැළයක් රෝපණය කළ අතර සියලුනිල දිවා භෝජන සංග්රහයක් සහ සංගීත ප්රසංගයකින් සංවත්සර වැඩසටහන නිමාවට පත්විය. Sports brands | Nike Running