Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2020 14:51:36 Hours

සැම්බියානු යුද්ධ හමුදාධිපති මව්බිම වෙනුවෙන් දිවිපිදූ විරෝදාර රණවිරුවනට පුෂ්පෝපහාර දක්වයි

සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරය ආරම්භ කරමින් අද (22) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි රණවිරු ස්මාරකය වෙත ගොස් මව්බිම වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුද කළේය.

අඩි 80 ක් උසැති රණවිරු ස්මාරක පරිශ්‍රය වෙත සපැමිණි සැම්බියන් යුද්ධ හමුදාධිපතිතුමන්ව, ශ්‍රී ලංකා ස්වෙචිඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා පොලිස් හේවා බළකා භටපිරිස් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා විශේෂ පීඨිකාව වෙත කැටුව යාමෙන් පසුව එතුමන් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා සිය උපහාරය පුදකරනු ලැබීය. Best Sneakers | Nike Shoes