2020-04-17 22:15:39
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිය රාජකාරීන් නිසි අයුරින් ඉටු කරනු ලැබු ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යක්කල රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග ගේ සේවය ඇගයුමට ලක් කරනු වස් සිකුරාදා (17) දින යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා...
2020-04-17 22:00:05
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෘරූප් කපිතාන් ෂෝන් අන්වින් (Group Captain Sean Unwin) මහතා සිකුරාදා (17) යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
2020-04-17 21:55:22
කොවිඩ් 19 උවදුර මැඩලීමේ ජාතික කර්තව්‍ය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සියලුම සාමාජිකයින්, පොලීසිය, වෛද්‍යවරුන්, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්, සුළු කාර්ය මණ්ඩලය සහ සියලුම පාර්ශවකරුවන් විසින් ලබාදෙනු ලබන අඛණ්ඩ සහයෝගය අගයමින් ඔවුන් තවදුරටත් දිරිමත් කිරිම සඳහා තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද කෙටි වීඩියෝ චිත්‍ර පටයක් ඉකුත් (17) දින මාධ්‍යයන් වෙත මුදා හැර තිබිණි.
2020-04-17 21:53:22
කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණයවීම වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය අගය කළ සෙලින්කෝ සමාගම් සමූහය, අත් සනීපාරක්ෂක, මුහුණු ආවරණ, උෂ්ණත්වමාන 21, අත් අත්වැසුම් 1000, ආරක්ෂක කට්ටල 100 ක් සහ කොවිඩ්-19 වෛරසය...
2020-04-17 18:00:05
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ‘වසන්තන් නගර්’ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් 40 කට ඉකුත් බදාදා (15) දින වියළි ආහර සළාක පාර්සල් තොගයක් බෙදාදෙන ලදී.
2020-04-17 17:30:05
විජයබාහු පාබල රෙජිමේන්තුවේ 19 වන රෙජිමේන්තු අධිපති ලෙස බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය ඉකුත් සිකුරාදා (17) දින ආගමික වතාවත් මධ්‍යයේ බෝයගනේ පිහිටි සිය රෙජිමේන්තු මුලස්ථානයේදී රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
2020-04-17 17:00:05
පුනානි නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධායනයට ලක් වු තවත් පුද්ගලයන් 222 දෙනෙකු අද (17) පෙරවරුවේ සිය නිවෙස් බලා යෑම සදහා පිටත් වුහ. මෙම පිරිස් එම නිරෝධායන මධස්ථානයෙන් නිදහස් කර යෑවීමට ප්‍රථම පුරා සති තුනකට ආසන්න කාලසීමාවක් දක්වා නිරෝධායනයට ලක් කර තිබිණි.
2020-04-17 14:29:43
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය අනියුක්ත 62 ව සේනාංකයේ භඨ පිරිස් 120 ආසන්න පිරිසක් දැනට වන්නි දිස්ත්‍රික්කයට ආශ්‍රිරිතව පිහිටි රෝහල් වල හිග වෙවමින් පවතින රුධිර සංචිතයන් යලි ලබාදීමෙි අරමුණින් එම රෝහල් වෙත රුධිර සංචිතයන් ලබාදිම වෙනුවෙන් ඉකුත් අගහරුවාදා (07) දින පැවැති රුධිර පරිත්‍යාග වැඩසටහනට සිය රුධිරය ලබාදිමෙන් දායක වුහ.
2020-04-17 14:09:33
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 14 වන සේනාංකය යටතේ ඇති 143 වන බලසේනාවට අනුයුක්ත භටපිරිස් විසින් පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශය ආශ්‍රිතව ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් වියළි ආහාර සලාකයන් ඇතුලත් පාර්සල් 50 ක ප්‍රමානයක් බෙදා දීම සදහා ශ්‍රම දායකත්වය ලබාදී තිබුනි. තවද මෙම සමාජ සත්කාරය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින් උපදෙස් ලබා දී තිබු අතර එම මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස් ආරියසිංහ අතින් එහි අධික්ෂණ කටයුතු සිදු විය. ඒ අනුව මෙම වැඩසටහන 143 බලසේනාවේ භට පිරිස් විසින් ක්‍රියාවට නංවා තිබු අතර රටේ පවතින තත්වය හමුවේ සිය ආදායම් මාර්ග ඇහිරීමෙන් දුෂ්කරතාවයට පත්ව දැඩි අග හිග කම් මධ්‍යයේ ජීවත් වන පවුල් වෙත මෙම වියළි ආහාර සලාකයක් පරිත්‍යග කිරීමට කටයුතු සංවිධානය කර තිබිණි.
2020-04-17 13:02:33
62 වන සේනාංකය යටතේ ඇති 622 වන බලසේනාවේ 7 වන බලසේනාධිපති වශයෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සම්පත් ප්‍රනාන්දු ඉකුත් (15) වන අගහරුවාදා දින වැලිඔය හැලබවැව පිහිටි සිය කාර්යාල පරිශ්‍රයේදී නව ධුරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.