Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2020 17:30:05 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය රාජකාරී අරඹයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ 19 වන රෙජිමේන්තු අධිපති ලෙස බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය ඉකුත් සිකුරාදා (17) දින ආගමික වතාවත් මධ්‍යයේ බෝයගනේ පිහිටි සිය රෙජිමේන්තු මුලස්ථානයේදී රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය රෙජිමේන්තු අධිපති ධුරයට අමතරව මේ වනවිට යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ලෙස ද සේවය කරයි.

විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී බ්‍රිගේඩියර් පිලපිටිය සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් ඇතුළු සෙසුනිලයින් රැසක් සහභාගී වූහ. bridge media | Nike Shoes