Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2020 21:55:22 Hours

තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් කොවිඩ්-19 වෛරසය පිළිබද දැනුවත් කිරීමේ නිර්මාණයක් යු ටියුබ් වෙත මුදාහරියි

කොවිඩ් 19 උවදුර මැඩලීමේ ජාතික කර්තව්‍ය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සියලුම සාමාජිකයින්, පොලීසිය, වෛද්‍යවරුන්, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්, සුළු කාර්ය මණ්ඩලය සහ සියලුම පාර්ශවකරුවන් විසින් ලබාදෙනු ලබන අඛණ්ඩ සහයෝගය අගයමින් ඔවුන් තවදුරටත් දිරිමත් කිරිම සඳහා තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද කෙටි වීඩියෝ චිත්‍ර පටයක් ඉකුත් (17) දින මාධ්‍යයන් වෙත මුදා හැර තිබිණි.

එම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිස විසින් කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණයවීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද අදාළ කෙටි විඩියෝ චිත්‍ර පටය කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේනද්‍ර සිල්වා රාජගිරියේ පිහිටි එම මධ්‍යස්ථානයේදී හමුවීමෙන් අනතුරුව එම නිර්මාණය සමාජ මාධ්‍යජාලා වෙත මුදාහැර තිබුණි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැති මෙම විඩියෝ පටය මුදාහැරීමේ සමාරම්භක අවස්ථාවට සිප්පි, ප්‍රිති, සමියා, මාස්තා, සිරිල් අයියා, කළු-සුදු, චුට්ටේ, කෙබ්බා, සපුවා, මැජික් කොම්පස්, විනි නිෂ්පාදන, නනා, පද්හිරි ඇතුළු ජනප්‍රිය හා ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් / නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. latest Running Sneakers | New Releases Nike