Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2020 14:09:33 Hours

143 වන බලසේනාවේ භටපිරිස් වියළි ආහාර සලාක පාර්සල් බෙදා හැරීමේ සමාජ සත්කාරයට දායක වෙයි

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 14 වන සේනාංකය යටතේ ඇති 143 වන බලසේනාවට අනුයුක්ත භටපිරිස් විසින් පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශය ආශ්‍රිතව ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් වියළි ආහාර සලාකයන් ඇතුලත් පාර්සල් 50 ක ප්‍රමානයක් බෙදා දීම සදහා ශ්‍රම දායකත්වය ලබාදී තිබුනි. තවද මෙම සමාජ සත්කාරය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින් උපදෙස් ලබා දී තිබු අතර එම මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස් ආරියසිංහ අතින් එහි අධික්ෂණ කටයුතු සිදු විය. ඒ අනුව මෙම වැඩසටහන 143 බලසේනාවේ භට පිරිස් විසින් ක්‍රියාවට නංවා තිබු අතර රටේ පවතින තත්වය හමුවේ සිය ආදායම් මාර්ග ඇහිරීමෙන් දුෂ්කරතාවයට පත්ව දැඩි අග හිග කම් මධ්‍යයේ ජීවත් වන පවුල් වෙත මෙම වියළි ආහාර සලාකයක් පරිත්‍යග කිරීමට කටයුතු සංවිධානය කර තිබිණි.

මෙම සමාජ සත්කාර වැඩසටහන 143 වන බලසේනාවේ භටපිරිස් විසින් අදාළ ප්‍රදේශයන්හී ජීවත් වන ජනතාවගේ ආදායම් මාර්ග කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇහිරි යාමෙන් අනතුරුව ඔවුන්ට සහයක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබුණි.

143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක ඇතුලු එම බලසේනාවේ භට පිරිස් රාජ්‍ය නිලධාරින් පිරිසක්ද අදාල පරිත්‍යාගයන් එම ජනතාව වෙත ලබාදීම වෙනුවෙන් ඔවුන් සමග එක්වූහ.‍ short url link | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ