Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2020 17:00:05 Hours

නිරෝධාන මධ්‍යස්ථාන වෙතින් නිරෝධායනට ලක් වු තවත් පුද්ගලයින් 222 සිය නිවෙස් බලා පිටත් වෙයි

පුනානි නිරෝධායන මධස්ථානය වෙතින් නිරෝධායනයට ලක් වු තවත් පුද්ගලයන් 222 දෙනෙකු අද (17) පෙරවරුවේ සිය නිවෙස් බලා යෑම සදහා පිටත් වුහ. මෙම පිරිස් එම නිරෝධායන මධස්ථානයෙන් නිදහස් කර යෑවීමට ප්‍රථම පුරා සති තුනකට ආසන්න කාලසීමාවක් දක්වා නිරෝධායනයට ලක් කර තිබිණි.

එමෙන්ම කොළඹ හා කඩවත වැනි ප්‍රධාන ගමනාන්තයන් හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ එම පිරිසට ප්‍රවාහන පහසුකම් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයන් එම පිරිස අතර සිටි කුඩා දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් එම පිරිස් වෙත එම ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් කෙටි කෑම, දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි.

නිරෝධායන කාල සීමාව සාර්ථකව නිම කිරීමෙන් පසු පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පැමිණ සිටියහ.

මීට අදාල විඩියෝ දර්ශණ පහත දැක්වේ. trace affiliate link | Air Jordan