Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2020 22:00:05 Hours

කොවිඩ්-19 උවදුරට එරෙහිව ශ්‍රී ලාංකීය සන්නද්ධ හමුදාවන්ගෙන් ඉටුවන මහැගි කාර්යභාරය පිළිබද ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක තුමන් සතුට පලකරයි.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ගෘරූප් කපිතාන් ෂෝන් අන්වින් (Group Captain Sean Unwin) මහතා සිකුරාදා (17) යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙහිදි දෙදෙනා අතර පැවති සුහද සාකච්ඡාවේදී, සෞඛ්‍ය බලධාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සම්බන්ධීකරණයෙන් කොවිඩ්-19 වෛරසය තවදුරටත් සම්ප්‍රේෂණය වීම වැළැක්විම වෙනුවෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සිදු කරමින් පවතින වැඩපිළිවෙල පිළිබඳ සංචාරක ආරක්‍ෂක උපදේශක සිය දැඩි සතුට පළ කළේය. තවද මේ වන විටත් විශාල ජිවිත හානි සංඛ්‍යාවක් සිදුවී ඇති මෙම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය සහාය අවශ්‍ය වන බවද හෙතෙම මෙහිදි වැඩිදුරටත් කරුණු අවධාරණය කළේය. latest Nike Sneakers | Men's Footwear