17th April 2020 21:53:22 Hours
කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණයවීම වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය අගය කළ සෙලින්කෝ සමාගම් සමූහය, අත් සනීපාරක්‍ෂක, මුහුණු ආවරණ, උෂ්ණත්වමාන 21, අත් අත්වැසුම් 1000, ආරක්ෂක කට්ටල 100 ක් සහ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කළ හැකි නවතම ආක්‍රමණශීලී නොවන වාතාශ්‍රයන් දෙකක් යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කළහ.
සෙලින්කෝ සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජේසිංහ මහතා විසින් සම්බන්ධීකරණය කරන ලද මෙම පරිත්‍යාගය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අගය කරන ලදී.
සමස්ථ ජාතියටම තීරණාත්මක වූ මෙම අවස්ථාවේදී සමාගම් නියෝජිතයින්ගේ විචක්‍ෂනශීලී බව සහ ත්‍යාගශීලීභාවය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය ඔවුන් වෙනුවෙන් පල කළේය.
මෙම අවස්ථාව සඳහා සෙලින්කො සමුහ ව්‍යාපාරයේ සභාපති රෙගමඩම් අධ්‍යක්‍ෂ ඩි. කුරේ, අධ්‍යක්‍ෂ ජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි විජේසිංහ සහ සහකාර කළමනාකරු ජේ. ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වූහ. best Running shoes brand | New Releases Nike