Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2020 14:29:43 Hours

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් රුධිර පරිත්‍යග සමාජ සත්කාරක වැඩසටහනට දායකවෙයි

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය අනියුක්ත 62 ව සේනාංකයේ භඨ පිරිස් 120 ආසන්න පිරිසක් දැනට වන්නි දිස්ත්‍රික්කයට ආශ්‍රිරිතව පිහිටි රෝහල් වල හිග වෙවමින් පවතින රුධිර සංචිතයන් යලි ලබාදීමෙි අරමුණින් එම රෝහල් වෙත රුධිර සංචිතයන් ලබාදිම වෙනුවෙන් ඉකුත් අගහරුවාදා (07) දින පැවැති රුධිර පරිත්‍යාග වැඩසටහනට සිය රුධිරය ලබාදිමෙන් දායක වුහ.

මෙම සමාජ සත්කාරය ව්‍යාපෘතිය 62 වන සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහගේ අධික්‍ෂණය මත ගල්කුලම ප්‍රදේශය ආශ්‍රිරිතව ක්‍රියාත්මක විය.

මෙම ව්‍යාපෘතිය හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි විවිධ රුධිර ගණයන්ට අයත් රුධිර සංචිත රුධිර ප්ලාස්මා හා රුධිර පට්ටිකා ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කර තබු අතර මෙම වැඩසටහන කොවිඩ් 19 වෛරස් උවදුරත් සමග සිදුකිරීමට නියමිත ශල්‍යකර්ම වලට අවශ්‍ය රුධිර සංචිතයන් ලබා ගැනීම එහි තවත් අරමුණක් විය. තවද, 62 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා වෛද්‍ය කාර්යය මණ්ඩලයක් ද මෙම රුධිර සංචිතයන් ලබාගැනිම වෙනුවෙන් සේවා දායකත්වය ලබා දී තිබුණි. Nike sneakers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD