17th April 2020 18:00:05 Hours
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ‘වසන්තන් නගර්’ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් 40 කට ඉකුත් බදාදා (15) දින වියළි ආහර සළාක පාර්සල් තොගයක් බෙදාදෙන ලදී.
සහල්, පරිප්පු, කරවල, කුළුබඩු, ටින් කළ ආහාර, මුං ඇට, කඩල ආදිය ඇතුළු මෙලෙස බෙදාදෙනු ලැබු වියළි සලාක පාර්සල් තොගය සඳහා 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් සහ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි එස්.එම්. ද සිල්වා මහතා විසින් අනුග්‍රාහකත්වය ලබාදී තිබුණි.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ උපදෙස් මත සිදුකරනු ලැබු මෙම ව්‍යාපෘතියේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි සළාක පාර්සල් බෙදාදිම සඳහා 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එන්.වී.ඊ.එන් නෙරංගම යන නිලධාරීතුමන්ද සහය වී තිබනි.
කොවිඩ් -19 වෛරසය සම්ප්‍රේෂණයවීම වැළැක්වීම සඳහා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු උතුරු ප්‍රදේශයේ කිලිනොච්චි, වන්නි, යාපනය සහ මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථාන විසින් අසරණ වූ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට නිරන්තරයෙන් සූදානම් වී සිටියී. Nike air jordan Sneakers | Nike