2020-04-28 17:03:07
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (28) දින පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1172 දරණ ගුවන් යානයෙන් බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත පැමිණෙන ලදී. එලෙස පැමිණි සියළුම පුද්ගලයින් වෛද්‍ය පරීක්ෂණවලින් පසුව යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.
2020-04-27 21:42:40
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51, 52 සහ 55 යන සේනාංකයන්හී යුද්ධ හමුදා සාමාජිකයන් පසුගිය දින කිහිපය තුළ යාපනය අර්ධද්වීපයේ චුන්නාකම්, කොකුවිල්, චන්කායි, තෙලිප්පලෙයි, නල්ලූර්, උඩුවිල්, තිරුනෙල්වේලි, වැල්වෙටිතුරායි, කොඩිකාම්, චවකච්වේරි , නෙල්ලියඩි, පලලෙයි, කෝවිල්වයාල්, අයියකච්චි, මුහාවිල්, මුල්ලියන්, අම්පන්, වෙත්තලකර්නී...
2020-04-27 16:42:40
සිවිල් - හමුදා සම්බන්ධීකරණය යටතේ දියත් කරනු ලැබූ තවත් එක් ප්‍රජා සුභසාධන ව්‍යාපෘතියක් වශයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 68 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 682 බලසේනා මූලස්ථානය විසින් බ්‍රහස්පතින්දා (23) දින මුලතිව් ප්‍රදේශයේ පිහිටි මලිගතිව් සහ පුදුකුඩුඉරිප්පු - බටහිර ප්‍රදේශවල අවශ්‍යතා සහිත පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබූහ.
2020-04-26 20:26:25
විදේශයන්හී වෙසෙන ශ්‍රී ලාංකික දානපතියන් විසින් සපයනු ලැබූ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරන ලද තවත් නව නිවාස දෙකක් ඉකුත් සිකුරාදා (24) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි විසින් තොරාගත් පවුල් දෙකක් අතර පිරිනමනු ලැබිණි.
2020-04-26 20:15:46
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි බංගලිදේශයේ ඩකා රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් 73 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (27) දින පස්වරුවේ කොළඹ බලා පැමිණෙනු ලැබූ අතර එලෙස පැමිණි සියළුම පුද්ගලයින් වෛද්‍ය පරීක්ෂණවලින් පසුව යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.
2020-04-26 20:00:46
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉන්දියාවේ කොයිම්බතූර් සිටි ශ්‍රී ලාංකිකයන් 113 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් ඉකුත් (26) දින සනධ්‍යාවේ දිවයිනට පැමිණි අතර, මෙම කණ්ඩායම වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරිමෙන් පසු යුද්ධ හමුදාව සහ නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලදී.
2020-04-25 17:14:28
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා විසින් කරන ලද යෝජනාවකට අනුව නිරෝධායන මධ්‍යස්ථානවල භාවිතය සඳහා නව විෂබීජහරණ කුටියක් නාගරික ඉංජිනේරු කාර්යාලය විසින් මෑතකදී අභිනවයෙන් නිර්මාණය කර තිබිණි. රට තුළ ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ්-19 වෛරසය පිළිබඳ සැලකිල්ලට ගනිමින්...
2020-04-25 14:05:16
සිවිල්-හමුදා සම්බන්ධීකරණය (CIMIC) යටතේ වාකරේ ප්‍රදේශයේ මාන්කේනී සහ තික්කන ගම්මානවල දුෂ්කරතාවයෙන් මධ්‍යයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ තවත් ප්‍රජා සුභසාධන ව්‍යාපෘතියක් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත...
2020-04-24 17:16:10
දිවයිනපුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වුවන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ පැවැත්වීමේ ධාරිතාවය ඉහළ නැංවීමේ හැකියාවන් පිළිබඳ වඩා පුළුල් සාකච්ඡාවක් හා ඇගයීමක් අද (23) දින උදෑසන රාජගිරියේ පිහිටි COVID-19 පැතිරීම වැළැක්වීමේ...
2020-04-24 14:11:52
කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින සවස ශ්‍රි ලංකාවේ...