25th April 2020 17:14:28 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා විසින් කරන ලද යෝජනාවකට අනුව නිරෝධායන මධ්‍යස්ථානවල භාවිතය සඳහා නව විෂබීජහරණ කුටියක් නාගරික ඉංජිනේරු කාර්යාලය විසින් මෑතකදී අභිනවයෙන් නිර්මාණය කර තිබිණි.
රට තුළ ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ්-19 වෛරසය පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඉතා අඩු වියදමකින් ගැරිසන් ඉංජිනේරුවන්ගේ කාර්යාලයේ කාර්මික ශිල්පීන් එක්ව මෙම විෂබීජහරණ කුටිය නිර්මාණය කර ඇත.
නිරෝධායන මධ්‍යස්ථාන වල සේවය කරනු ලබන වෛද්‍ය නිලධාරීන් විෂබීජහරණය කිරීම සඳහා මෙම කුටිය යුද්ධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානයක ස්ථාපනය කිරීමටද අපේක්ෂිතයි. Running sport media | Nike