27th April 2020 16:42:40 Hours
සිවිල් - හමුදා සම්බන්ධීකරණය යටතේ දියත් කරනු ලැබූ තවත් එක් ප්‍රජා සුභසාධන ව්‍යාපෘතියක් වශයෙන් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 68 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 682 බලසේනා මූලස්ථානය විසින් බ්‍රහස්පතින්දා (23) දින මුලතිව් ප්‍රදේශයේ පිහිටි මලිගතිව් සහ පුදුකුඩුඉරිප්පු - බටහිර ප්‍රදේශවල අවශ්‍යතා සහිත පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබූහ.
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ උපදෙස් පරිදි 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක සහ 682 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සේනක කස්තුරිමුදලි ගේ සමීප අධීක්‍ෂණයෙන් යුතුව 682 වන බලසේනාව විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේදී අවශ්‍යතා සහිත පවුල් අතර වියළි සලාක පාර්සල් 30ක් බෙදාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා 682 බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් වැසියන් රැසක් සහභාගී වූහ. short url link | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today