Header

Sri Lanka Army

Defender of the Nation

24th April 2020 17:16:10 Hours

කොවිඩ්-19 වෛරසය හඳුනාගැනීමේ PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා පෞද්ගලික රෝහල්වලට ඇති හැකියාවන් පිළිබඳ සාකච්ඡා කෙරේ.

දිවයිනපුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වුවන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ පැවැත්වීමේ ධාරිතාවය ඉහළ නැංවීමේ හැකියාවන් පිළිබඳ වඩා පුළුල් සාකච්ඡාවක් හා ඇගයීමක් අද (23) දින උදෑසන රාජගිරියේ පිහිටි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී (NOCPCO) පැවැත්විණි.

ගරු සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් මෙම සාකච්ඡාවේ මුලසුන හොබවන ලදී.

නිරෝධායන මධ්‍යස්ථාන, සැකසහිත රෝගීන් සහ ගුවන්තොටුපල ආදිය තුළ එම පරීක්ෂණ පැවැත්වීමේ ධාරිතාවය ඉහළ නැංවීම සහ එම පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල්වල කළමණාකාර නියෝජිතයින් සමඟ අදහස් හුවමාරු කරගනිමින් ඉතා දීර්ඝ වශයෙන් මෙහිදි කරුණු සාකච්ඡා විය. තවද, නිදර්ශක, එවා සම්මත කිරීම සහ වෙනත් තාක්ෂණික ගැටළු පිළිබඳව සහ විවිධි ගවේෂණයන් පිළිබඳව ද මෙහිදී අදහස් විමසන ලදී.

පසුව අදාළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මගින් එම පරීක්ෂණ සිදු කිරීම සඳහා පෞද්ගලික රෝහල් ද ඇතුළත් කරන අතර ඒ අනුව දිනකට පරීක්ෂණ සංඛ්‍යාව 1000 දක්ව ඉක්මවීමට මෙමගින් වැඩිදුරටත් බලාපොරෝත්තු වේ. buy footwear | Gifts for Runners