26th April 2020 20:26:25 Hours
විදේශයන්හී වෙසෙන ශ්‍රී ලාංකික දානපතියන් විසින් සපයනු ලැබූ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරන ලද තවත් නව නිවාස දෙකක් ඉකුත් සිකුරාදා (24) දින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි විසින් තොරාගත් පවුල් දෙකක් අතර පිරිනමනු ලැබිණි.
මෙම නිවාස අතරින් පළමු නිවස තන්තිරිමලේ ඇත්දත්කෑල්ල ප්‍රදේශයේ වෙසෙන කේ. ඩී. නන්දසේන මහතාගේ පවුල වෙත පිරිනමනු ලැබීය. ඔහු තම බිරිඳ සහ දරුවන් සිව්දෙනා සමඟ දීර්ඝ කාලයක් ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටින්නෙකි. දෙවන නිවස තන්තිරිමලේ මැදවච්චිඑළිය ප්‍රදේශයේ වෙසෙන ඩී. කේ. දිනේෂ් කුමාර දෙල්ගහපෑළ මහතාගේ පවුල වෙත පිරිනමනු ලැබීය. ඔහු ද තම බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටියේය.
212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් සිය සමීපතමයන් වන ඕස්ට්‍රේලියාවේ වෙසෙන දානපති ජගත් ගුණසේකර සහ ශාන්ත කුමාරගමගේ වෙත කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම නව නිවෙස්හී ඉදිකිරීම් සඳහා මූල්‍යමය ආධාර සැපයීමට ඔවුන් එකඟ වූහ.
21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ගේ අධීක්‍ෂණය ඇතිව 212 බලසේනාව යටතේ ඇති 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව විසින් මෙම නිවාස ඉදිකිරීම සිදු කරන ලදී.
මෙම නව නිවාසයන් සාළයක්, කෑම කාමරයක්, නිදන කාමර, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විතය. මෙම නිවෙස්හි ප්‍රතිලාභීන්ට අත්‍යවශ්‍ය ගෘහ උපකරණ, විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ ද මෙම අවස්ථාවේ දී පරිත්‍යාග කරනු ලැබූ අතරම සෑම නිවසකම ආගමික වතාවත් සිදුකිරීමට ද ස්ථානයක් සකස් කොට ඇත.
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි විසින් අළුතින් ඉදිකරන ලද මෙම නිවාසවල යතුරු නිවාස ප්‍රතිලාභීන් වෙත පරිත්‍යාග කළ අතර සිය සුභපැතුම් ද ඔවුන් වෙත පිරිනමන ලදී.
මෙම අවස්ථාව සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එල්.වී.එම්. ලියනගේ, 212 වන බලසේනාවේ බලසේනාධිපති, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි, 21 වන සේනාංකයේ සහ 212 වන බලසේනාවේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරින්, 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි සහ ප්‍රතිලාභීන්ගේ පවුලේ සාමාජිකයින් ද සහභාගී වූහ. Best Nike Sneakers | Men’s shoes