Header

Sri Lanka Army

Defender of the Nation

27th April 2020 21:42:40 Hours

යාපනය යුද්ධ හමුදා සාමාජිකයන් විෂබීජහරණ කටයුතුවල නිරතවේ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51, 52 සහ 55 යන සේනාංකයන්හී යුද්ධ හමුදා සාමාජිකයන් පසුගිය දින කිහිපය තුළ යාපනය අර්ධද්වීපයේ චුන්නාකම්, කොකුවිල්, චන්කායි, තෙලිප්පලෙයි, නල්ලූර්, උඩුවිල්, තිරුනෙල්වේලි, වැල්වෙටිතුරායි, කොඩිකාම්, චවකච්වේරි , නෙල්ලියඩි, පලලෙයි, කෝවිල්වයාල්, අයියකච්චි, මුහාවිල්, මුල්ලියන්, අම්පන්, වෙත්තලකර්නී, පොක්කරුප්පු සහ මරතන්කර්නි යන ප්‍රදේශවල පිහිටි පොදු ස්ථානවල සහ ආයතනවල උද්ගතව ඇති වසංගතය පැතීරීම වැළැක්වීමේ අරමුණින් විෂබීජ හරණ කටයුතු සිදු කිරිමේ දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කළහ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මග පෙන්වීම යටතේ දියත් කරනු ලැබු මෙම ව්‍යාපෘතියේදී දුම්රිය ස්ථාන, පාසල්, විශ්ව විද්‍යාල, තැපැල් කාර්යාල, රෝහල්, බස් නැවතුම් ස්ථාන, ඖෂධහල්, සුභසාධන මධ්‍යස්ථාන, වෙළඳ මධ්‍යස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික බැංකු යන ස්ථානයන්ට ප්‍රමුඛත්වය දී තිබේ. buy footwear | Women's Nike Superrep